දේශීය

IMF මූල්‍ය පහසුකම ගෙවන්න වසර 05ක්..

 

මෙරටට බලපෑ ආපදාවේ හානියට මුහුණදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි මූල්‍ය පහසුකම ගෙවා අවසන් කිරීමට වසර 3 ත් 5 ත් අතර කාලයක් ලබාදී තිබෙනවා.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මේ බව පැවසුවා.

ඊයේ (20) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රජය ඉල්ලා සිටි කඩිනම් මූල්‍ය පහසුකමට පසුගිය (19) එහි විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් මිලියන 206 ක් මෙරටට හිමිවනු ඇති.

කෙසේ වෙතත්, මේ හරහා ආර්ථිකය තවදුරටත් යම් අවදානමට ලක් විය හැකි අතර, දළ දේශීය නිෂ්පාදිතය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට පත් වී නොමැති බවට ද ජත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

Shares: