යොවුන් ආසියානු කුසලාන (U-19 Asia Cup) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම අද (21) සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී ඉන්දීය යොවුන් කණ්ඩායම ලකුණු 191 ක දැවැන්ත පරාජයකට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන යොවුන් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 347ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් වුණා.
පාකිස්ථාන ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සමීර් මින්හාස් පන්දු 146කදී ලකුණු 172ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ශක්තිමත් කළා.
ලකුණු 348ක අසීරු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පාකිස්ථාන පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි වූ අතර, ඔවුන් පන්දුවාර 26 පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 156ක් පමණයි.











