වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ 2025 වසර සඳහා මුදල් අමාත්‍යාංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත්, නොවැම්බර් මාසය වනවිට එම ආදායම ඉක්වමවූ ආදායම් රැස් කිරීමට හැකි වූ බවයි.
ඒ අනුව නොවැම්බර් මාසය වන විට මෙම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කරනු ලැබූ බවයි එහිදී ඔහු පැවසුවේ.
කෙසේවෙතත් එම සංශෝධිත ඉලක්කයද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.
පුංචිහේවා මහතා කියා සිටියේ රේගුව තුළ ගෙන තිබු විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ඉහළ ආදායම උපයා ගැනීමට හැකිවූ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂකවරයා,
”මෙම වසරේ ආදායම් ඉලක්කය සකස් කරන කොට ගිය වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1531 මේක මේ වසරේ රුපියල් බිලියන 2115 විදිහට ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ දැම්මේ වාහන ආනයන කිරීම සඳහා 2025 අවුරුදේ දී අවසර ලබා දෙනවා කියලා තීන්දුව අරන් තිබුණා ඒකත් සැලකිල්ලට අරන්.. එහෙම තමා ආදායම් ඉලක්කය සකස් කරලා තිබ්බේ.. හැබැයි එම ආදායම් ඉලක්කය ඉක්මවා යන්න වාහන ආනයනය හේතුවක් වුණා වගේම විශාල වශයෙන් බලපෑම් වුණා රේගුව තුළ අරන් තිබුණ විවිධ ක්‍රියාමාර්ගයන්.”
යනුවෙනුයි පැවසුවේ.











