විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය, දිලිත් ජයවීර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහි විශ්වාසභංගය අත්සන් කර තිබෙනවා.
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.











