දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ හැටන් ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලාංකා යුද හමුදාව විසින්.
සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇති එම මාර්ගය ශ්‍රී පාද වන්දනාකරුවන් වෙත විවෘත කරයි ඇත්තේ.
ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් වන්දනාකරුවන්ට ආරක්ෂිතව ගමන් කළ හැකි ආකාරයට මාර්ගය ප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට පත් කර තිබෙන්නේ ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් යුද හමුදාපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් මතයි.
එමෙන්ම එම මාර්ගයේ වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා නවීන ආරක්ෂිත වැටක් ඉදිකර තිබෙනවා.
මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීමත් සමඟ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී පාදය කරුණා කිරීමට හැකි බවයි ශ්‍රී පාද උඩමළුවේ වැඩ සිටින ශ්‍රී පාද භාරකර දොරපනේ සුමනජෝති හිමියන් සඳහන් කළේ.











