දේශීය

විමල්ගේ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ඔවුන් ඊයේ පෙරවරුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළාගන්නා ලෙස සහ අග්‍රාමාත්‍යවරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින්.

එහිදී අදහස් දක්වමින් විමල් වීරවංශ සඳහන් කළේ මෙම ප්‍රතිසංස්කරණ හකුළාගන්නා තුරුම සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

සත්‍යග්‍රහය සඳහා අට්ටාලය ඉදිකරන අවස්ථාවේ පොලිසියෙන් ඊට බාධා එල්ල වූ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව එම ස්ථානයේදී මහජන අත්සන් ලබා ගැනීම ද ඊයේ ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මෙම සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණේ පොලිසිය සිදුකළ කරුණු දැක්වීමකට අනුවයි.

ඒ, මාර්ග අවහිර නොකරන ලෙසට සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකරන ලෙසට නියෝග කරමින්.

Shares: