ජාත්‍යාන්තර කීර්තියට පත් මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 81 වැනි වියේ පසු වූ බව සඳහන්.
ඒ මහතා කෙටි කලක් රෝගාතුරුව ප්‍රතිකාර ගනිමින් සිටි බවයි සඳහන් වන්නේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) දිනයේ දෙහිවල මුස්ලිම් මහ පල්ලිය සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය පෙරවරු 09 සිට දෙහිවල, හිල් වීථිය, සිරිවර්ධන පාර අංක 11/C ස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
1944 වසරේදී උපත ලැබූ ඉක්බාල් අතාස් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු ලෙස සේවය කළ අතර ඔහු විදේශිය පුවත් ඒජන්සි කිහිපයකද සේවය කර තිබෙනවා.
ඒ මහතා විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් සිදුකළ ගවේෂණාත්මක වාර්තාකරණය හේතුවෙන් ඔහුට තර්ජන එල්ල වී තිබුණා.
ඔහු ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් ද දිනාගෙන ඇති අතර 2000 දී නිව් යෝර්ක් ටයිම්ස් ඔහුව හැඳිවුයේ “the country’s leading military correspondent ලෙසයි.











