කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ තුන්වන නැව් තටාකාංගණයේ මෙහෙයුම් අද (23) ආරම්භ කෙරිණා.
මෙහෙයුම් ආරම්භය සංකේතවත් කරමින් ලොව ප්‍රධාන නැව් සමාගම් 3ක නෞකා 3ක් නැව් තටාකාංගණය පැමිණියා.
ගැන්ට්‍රි දොඹකර 12ක් සහ ස්වයංක්‍රිය අංගණ දොඹකර 40කින් සමන්විත මෙම නැව් තටාකාංගණය හරහා කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ මෙහෙයුම් තවත් ශක්තිමත්වනු ඇති.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මුල්වරට ආරම්භ කෙරුණේ 2022 වසරේ ජනවාරි 12 වැනිදායි.
හෙක්ටයාර 75ක භූමියක් තුළ ඉදිවන නැගෙනහිර පර්යන්තයේ මුළු දිග මීටර 1320ක්.











