විදෙස්

මෝරුන් පහරදීම් ඔස්ට්‍රේලියාවේ ඉහළට..

 

මෝරුන්ගේ පහරදීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවන පුද්ගල අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව විදෙස් වාර්තා පවසනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ, පැය 48ක් ඇතුළත මෝරුන් පහරදීම් සිදුවීම් 4ක් සිදුව ඇති බවයි.

ඉන් සිදුවීම් තුනක්ම එරට නැගෙනහිර වෙරළ තීරයේ කිලෝමීටර් 15ක දුරක් ඇතුළත සිදුව ඇති බව මෝරුන් පිළිබඳ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

ඉහත ප්‍රහාරවලට අමතරව ඉකුත් ජනවාරි 18 වනදා සිඩ්නි වරායේ පිහිනමින් සිටියදී 12 හැවිරිදි දරුවෙකු බරපතළ තුවාල සහිතව රෝහල් ගත කර තිබෙනවා.

ඊට පසුදින 11 හැවිරිදි දරුවෙකු පහරකෑමට Dee Why වෙරළ තීරණයේ දීද, ඒ අසල පිහිටි මැන්ලි හිදී පහරකෑ තවත් පුද්ගලයෙකුද බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකර තිබෙනවා.

Shares: