ව්‍යාපාරික

ලංකාවේ රන් මිල දැනෙන ගාණකින් ඉහළ යයි

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇති බවයි වෙළෙන්ඳුන් සඳහන් කළේ.

කැරට් 24ක රන් පවුමක මිල මේ වනවිට රුපියල් 397,000ක් වන අතර කැරට් 22ක පවුමක මිල වන්නේ රුපියල් 362,200ක්.

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසුකරයි ඇත්තේ.

ආර්ථික විශේෂඥයින් පැවසුවේ එය මේ වසර අග වනවිට ඩොලර් 5,500ට වඩා ඉහළ යනු ඇති බවයි.

Shares: