ව්‍යාපාරික

මෙරට රන් මිල රුපියල් 12,000කින් ඉහළට

ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල ඉහළයාමත් සමඟ මෙරට රන් මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඊයේ (02) රුපියල් 368,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (03) රුපියල් 380,000ක් ලෙස සඳහන් වනවා.

මේ අතර, ඊයේ දින රුපියල් 338,000ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 349,000 ක් ලෙස සඳහන් වනවා.

ඊයේ දිනයට සාපේක්ෂව ලෝක රන් මිල අද දින නැවත ඩොලර් 130කින් ඉහළ ගොස් ඇති.

ඒ අනුව අද දිනයේ රන් අවුන්සයක මිල ඩොලර් 4,816ක් ලෙස දැක්වුණා.

Shares: