2026 වර්ෂයට අදාළ සුදුසුකම්ලත් තැනැත්තන් ඡන්ද හිමියන් ලෙස ගණන් ගැනීමේ මූලික අදියරේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින පැෆ්රල් සංවිධානය දැනුම් දී තිබෙනවා.
2026 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු පෙබරවාරි 01 දා සිට ආරම්භ වී ඇති.
පෙර වර්ෂවල මෙන්ම මෙවරද ඡන්දහිමියන් ගණන් ගැනීම සඳහා ගණන් ගැනීමේ නිලධාරීන් සෑම ගෘහයකටම යාම සිදුනොකරන අතර 2026 ඡන්දහිමි නාමලේඛන කෙටුම්පතට සංශෝධන ඇත්නම් පමණක් ග්‍රාම නිලධාරී විමසීමට කටයුතු කරන්න දැනුම් දී තිබෙනවා.
එහිදී 2025.02.01 දින සිට 2027.01.31 දින දක්වා කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන යොවුන් පුරවැසියන් ග්‍රාම නිලධාරීවරයා හමුවී YC ආකෘතිය සම්පූර්ණ කර බාරදීමෙන් පොරොත්තු ලේඛනයට නම ඇතුළත් කර ගත හැකියි.
ඊට අමතරව පෙර වර්ෂයේ ඡන්දහිමි නාම ලේඛනයේ ඇතුළත් නොවූ තැනැත්තෙකුගේ නමක් 2026 ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ග්‍රාම නිලධාරීවරයා හමුවී ER ආකෘතිය සම්පූර්ණ කර බාරදීමේ හැකියාව පවතිනු ඇති.
එමෙන්ම www.elections.gov.lk වෙබ් අඩවියට පිවීසීමෙන්ද වැඩි විස්තර ලබාගත හැකියි.











