පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීම යන චෝදනා යටතේ ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2022 වසරේ කළ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය අද රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.











