විදෙස්

ප්‍රංශයේ X කාර්යාල වටලයි

X සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රංශ කාර්යාලය වැටලීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

සයිබර් අපරාධ මැඬලීමේ ඒකකය මගින් මේ වැටලීම කර ඇත්තේ එය සෝදිසි කිරීම සඳහායි.

X සමාජ මාධ්‍ය යේ ඇල්ගෝ රටාව සම්බන්ධව පැනනැගුණු චෝදනා මුල්කරගෙන ඔවුන් මෙම සෝදිසිය සිදුකර තිබුණා.

කෙසේ වෙතත් මෙය නිදහස් මාධ්‍ය මර්දනය කිරීමක් බවට එම කාර්යාලය චෝදනා කරන්නේ.

නමුත් ප්‍රංශ බලධාරීන් පවසන්නේ පවතින නීතිය යටතේ මෙම පරීක්ෂණය මෙහෙයවන බවයි.

මෙම මෙහෙයුමට යුරෝපීය පොලිස් ආයතනය වන Europol ද සහාය ලබා දෙන බව සඳහන් වනවා.

 

Shares: