පසුගිය ජනවාරි 29 වන දින මුහුදේදී ඉන්දීය නාවික හමුදාව හෝ වෙරළාරක්ෂක බලකාය විසින් ශ්රී ලාංකික ධීවරයින්ට පහර දුන් බවට පළ වන වාර්තා ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් ප්රතික්ෂේප කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර ඇත්තේ, එවැනි කිසිදු සිදුවීමක් සිදු නොවූ බවයි.
ධීවරයින් සම්බන්ධ ගැටලුවලදී ඉන්දියාව සැමවිටම මානුෂීය සහ සහයෝගී ප්රවේශයක් අනුගමනය කරන බව එම නිවේදනයේ සඳහන්.
මේ පිළිබඳව ඉන්දීය බලධාරීන් ශ්රී ලංකා රජය සමග නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බවද වැඩිදුරටත් දන්වා තිබෙනවා.











