දේශීය

2026 යල කන්නයට පොහොර සහනාධාරය අනුමතයි – ගොවීන්ට හෙක්ටයාරයකට රු. 25,000ක්

2026 යල කන්නය සඳහා වගා කටයුතු සිදුකරන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

2025 අගෝස්තු 18 දින පැවති කැබිනට් රැස්වීමේදී 2025/26 මහ කන්නයට පවතින පොහොර සහනාධාර වැඩසටහන අඛණ්ඩව 2026 යාල සමය සඳහාත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇති අතර,

කුඹුරු ගොවිතැන් සඳහා – හෙක්ටයාරයකට රු. 25,000ක් (ගොවියෙකුට උපරිම හෙක්ටයාර 2ක් දක්වා)
* කුඹුරු නොවන වෙනත් බෝග වගා කරන ඉඩම් සඳහා – හෙක්ටයාරයකට රු. 15,000ක් (හෙක්ටයාර 2ක් දක්වා)

යන ලෙස සහනාධාර ලබාදීමට නියමිතය.

මෙම තීරණය ගත්යේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ සහ කාලසමය සම්බන්ධ රැස්වීම්වලදී ගත් තීරණ මතයි.

ගොවීන්ගේ වගා වියදම් අවම කරමින් ආහාර නිෂ්පාදනය තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

Shares: