දේශීය

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 7යි

අද (21) දිනයට පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 7ක් සම්පූර්ණ වන අතර, ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සැලසුම් කර තිතිබෙනවා. කතෝලික පල්ලි මාධ්‍ය අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂන්ත ෆර්නෑන්ඩෝ පියතුමා පැවසුවේ, රට පුරා සියලුම දේවස්ථානවල විශේෂ සිහිපත් කිරීමේ වැඩසටහන් අද උදෑසන පැවැත්වෙන බවයි.

සංවිධානය කළ වැඩසටහන්, ඝන්ටා නාද කිරීම

මිනිත්තු 2ක නිශ්ශබ්දතාව 

ඉටිපන්දම් දල්වීම

ආත්මීය යාච්ඤා

විශේෂ දේව මෙහෙය,

St. Anthony’s Shrine හිදී, මැල්කම් කාදින්ල් රංජිත හිමිගේ අධීක්ෂණයෙන් පැවැත්වීමට නියමිතයි.

එම ප්‍රදේශය ආශ්‍රිතව, අද උදෑසන 7.00 සිට වැඩසටහන අවසන් වන තුරු විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම, ශාන්ත සෙබස්ටියෙන් පල්ලියේ හිදීද විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

විශේෂ පාගමන, අද පස්වරු 4.00ට මාරිස්ට්ලා විදුහල් භූමියෙන් ආරම්භ වී කටුවාපිටිය දේවස්ථානය දක්වා ගමන් කරයි. මෙයට බිෂප්වරුන්, පූජකවරුන් සහ කතෝලික බැතිමතුන් එක්වීමට නියමිතයි.

Shares: