දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් එක්දින තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ශතක ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය මැකේ හීදීයි පැවැත්වුණේ.
එම තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් 3ක් ශතකන් රැස් කිරීමට සමත් වීම විශේෂත්වයක්.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 142ක්, මිචෙල් මාර්ෂ් ලකුණු 100ක් සහ කැමරන් ග්‍රීන් නොදැවී 118ක් ලකුණු ලබා ගැනීමෙනුයි මෙලෙස ශතක රැස් කර ගත්තේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 431ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
ආරම්භක පිතිකරුවන් වන ට්‍රැවිස් හෙඩ් සහ මිචෙල් මාෂ් වාර්තාගත ආරම්භයක් තරගයට ලබා දුන් අතර, ආරම්භක කඩුල්ල වෙනූවෙන් ඔවුන් දෙදෙනා රැස්කළ ලකුණු සංඛ්‍යාව 250ක්.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් කේෂව් මහරාජ් සහ සෙනුරන් මුත්තුසාමි එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාණු කණ්ඩායමට සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 155ක් පමණයි.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත තරගාවලියේ තුන්වන සහ අවසාන එක්දින තරගය ලකුණු 276ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි වුණා.
ඒ තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමින්.
තුන්වන තරගයේ වීරයා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ්.
තරගාවලියේ වීරයා දකුණු අප්‍රිකාණු ක්‍රීඩක කේෂව් මහාරාජ්.











