දේශීය

මාදුරුඔය හෙලිකෝප්ටර් අනතුර ගැන අධිකරණයෙන් දුන් තීන්දුව

මාදුරුඔය හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් හා යුද හමුදා විශේෂ බලකා සාමාජිකයින් හය දෙනාගේ මරණවලට හේතුව එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටීම නිසා දියේ ගිලීමෙන් සිදුවූවක් බවට අධිකරණය තීරණය කර තිබෙනවා.

මෙම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටීමේදී යම් අපරාධමය වරදක් සිදුව ඇද්ද යන්න විමර්ශනය කර බලා අධිකණයට දැනුම් දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා මීට පෙර දෙහිඅත්තකන්ඩිය පොලිසියට නියෝග කිරීමත් සමඟයි දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල විසින් මෙම තීන්දුව ලබාදුන්නේ.

මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා පුහුණු කදවුරේ පැවති විසිර යාමේ උත්සවකට සමගාමීව පැවති නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් සිටියදී හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ගුවන් සහ යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් හය දෙනෙකු ජීවිතක්ෂට පත්වුණේ පසුගිය මැයි මාසයේයි.

Shares: