ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.
අදාළ නිවේදනය අද (19) උදෑසන 10 සිට හෙට උදෑසන 10 දක්වා වලංගු වනවා.
එම ප්‍රදේශ පහතින්,
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න
සීතාවක – කොළඹ දිස්ත්‍රික්කය
ඉංගිරිය සහ හොරණ – කළුතර දිස්ත්‍රික්කය
දෙහිඕවිට – කෑගල්ල දිස්ත්‍රික්කය
කොත්මලේ – නුවර එළිය දිස්ත්‍රික්කය
රත්නපුර – රත්නපුර දිස්ත්‍රික්කය











