ඉදිරි අයවැය රටේ සංවර්ධනයට අඩිතාලමක් වනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
ඒ අයවැය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
පවතින සීමිත මුදල් ප්‍රමාණය මෙරටට ආයෝජන ගෙනෙන වැඩපිළිවෙළ සඳහා යොදවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.











