පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළ සියලු ආයතන වෙත කෝප් කමිටුවෙන් කැඳවීමක් සිදුකර තිබෙනවා.
ලබන ඔක්තෝබර් මස 02 වන දින මෙම කැඳවීම සිදුකර ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළේ.
කෝප් කමිටුවේ සිදුවන කාර්යය භාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම කැඳවීම සිදුකර ඇති බවටයි සඳහන් වන්නේ.
මේ වන විට පොදු ව්‍යාපාර පිළිබඳ කාරය සභාව හෙවත් කෝප් කමිටුවට රාජ්‍ය ව්‍යාපාර 457ක් අයත් වන අතර එම ආයතනවල ලේකම්වරුන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව වෛද්‍ය නිශාන්ත සමරවීර වැඩිදුරටත් සඳහන් කළා.
අදාළ ආයතනවල විගණනයන් පිළිබඳව සහ ඒ වායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලිකව තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඔක්තෝබර් මස 02 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද සඳහන්.











