ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 4,011.18ක් ලෙසයි.
මේ අතර අද (08) දිනයේ මෙරට රන් මිල ද රු 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ රු 290,500ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රු 296,000 දක්වායි ඉහළ ගොස් ඇත්තේ.
මේ අතර, ඊයේ දිනයේ 314,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද රු 320,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලෝකයේ වඩාත් ප්‍රකට ක්‍රිප්ටෝ විනිමය වන බිට්කොයින් 1ක අගය ප්‍රථම වතාවට ඩොලර් 125,000 ඉක්මවුයේ පසුගිය සතියේයි.
රන්මිල මේවන විට ඉහළ යන්නේ 1970 දශකයෙන් පසු වේගවත්ම වර්ධනය සලකුණු කරමින්.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා රත්‍රං මිල 50%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
සුරක්ෂිත ආයෝජන මෙවලමක් විදියට සැලකෙන රන් මිල 2018 අවසානයේ සිට මේ දක්වා 300%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ජනපති ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය සමග ලොව පුරා පැනනැගී ඇති ආර්ථික අවිනිශ්චිතව මේ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කරනු ලබයි.











