දේශීය

වාහන අංක තහඩු ප්‍රමාදය ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කළා.

පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ 2025 සැප්තැම්බර් 30 දිනට වාහන අංක තහඩු 165,512 ලබාදී නොමැති බවයි.

වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා,

“වාහන අංක තහඩු ලබාදීම අපි සැලසුම් කළාට වැඩිය ප්‍රමාදයක් තියෙනවා. නව වාහන අංක තහඩුවල විශේෂ ආරක්ෂිත ලක්ෂණ 07ක් අඩංගු වෙනවා. මේ ලක්ෂණ 07 ලංකාවේ පරීක්ෂා කිරීම පිළිබඳව අපි භාරදුන්නා මොරටුව සරසවියට. ඔවුන් මාස තුනක වගේ කාලයක් ගත්තා. ඒ වගේම ඔවුන්ට පුළුවන් කියලා ප්‍රකාශ කළේ එයින් 06ක් පමණයි. ඒ නිසා අපි 07 වෙනි එක පිළිබඳ පරීක්ෂා කිරීම ජාත්‍යන්තර වශයෙන් සිදුකරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රමාදය වෙලා තිබෙන්නේ. ආරක්ෂිත තත්ත්වය වැඩිකිරීමට දරපු උත්සහාය ප්‍රතිඵලයකුත් මේකට එකතුවෙලා තියෙනවා.”

යනුවෙනුයි ප්‍රකාශ කළේ.

එමෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ නව රියදුරු බලපත්‍ර ලබාදීම පිළිබඳ මතුවී ඇති ගැටලුව එළැඹෙන 18 වනදා වන විට විසඳන බවයි.

Shares: