කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය ආසන්න මුහුදේ පුද්ගල මළසිරුරක් ඇති බවට ලද තොරතුරක් මත කොළඹ වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැහැ.
මරණකරු උස, අඩි 05ක් පමණ වන කොණ්ඩය මදක් වැවී ඇති පුද්ගලයෙක්.
මෘතශරීරය නරක්වී හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇති අතර නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටි බවයි පොලීසිය පැවසුවේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.











