දේශීය

රටම එකට ජාතික මෙහෙයුම යටතේ වැටලීම් 987ක්

“රටම එකට“ ජාතික මෙහෙයුමට අනුව පොලීසිය දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී වැටලීම් 987ක් සිදු කර තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 371ක්.

දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම හරහා සමස්තයක් ලෙස සැකකරුවන් 971 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් නිවේදනය කළේ එහිදී සැකකරුවන් 22කට අදාළව රැඳවුම් නියෝග ලබාගත් බවයි.

එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 10 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර තිබෙනවා.

Shares: