දේශීය

සජිත් ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයි..

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ (Indian Council of World Affairs-ICWA) ප්‍රධාන දේශනයක් පවත්වා තිබෙනවා.

එහි දී විපක්ෂ නායකවරයා විසින් ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාවේ ඓතිහාසික හා පරිණාමය වෙමින් පවතින භූමිකාව අගය කරමින් එය “beacon of strategic autonomy and South–South cooperation.” ලෙස විස්තර කළා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු ශිෂ්ටාචාරමය සහ ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා නැවත වරක් තහවුරු කළ අතර, ඉන්දියානු සාගරය සාමයේ සහ සහයෝගීතාවයේ කලාපයක් ලෙස ආරක්ෂා කිරීමේ හවුල් වගකීම ද අවධාරණය කළා..

එසේම භූ ආර්ථික විද්‍යාවේ නැගීම සහ ආර්ථික හා ආරක්ෂක ප්‍රමුඛතා අභිසාරීවීම මඟින් සලකුණු කරන ලද පරිවර්තනය තුළ විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

ශිෂ්ටාචාරමය හා තාක්ෂණික බලවතෙකු ලෙස ඉන්දියාවේ මතුවීම ඉස්මතු කරමින්, එහි ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය, නිෂ්පාදනය සහ විශ්වාසදායක ගෝලීය හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ද ඔහු ප්‍රශංසා කළා.

 

Shares: