අමෙරිකාවේ නිව්යෝර්ක් නගර සභා ඡන්දයෙන් රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ පරාජයට, රජය වසාදැමීමේදී හෝ ඡන්දයට හෝ තමන් නොසිටීම හේතු වූ බව මැතිවරණ විශ්ලේෂකයින් පවසන බව ජනපති ඩොනල් ට්‍රම්ප් චෝදනා කරනවා.
මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට අවාසිදායක ප්‍රතිඵලවලට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.
සිය x ගිණුමේ සටහනක් තබමින්, ට්‍රම්ප් පවසා සිටියේ මෙවැනි අදහසක්. “ට්‍රම්ප් ඡන්දෙට හිටියෙත් නෑ, රජය වසා දමද්දී හිටියෙත් නෑ. අන්න ඒවා තමයි අද රෑ රිපබ්ලිකානුවන්ට ඡන්දෙන් පරාද වෙන්න හේතු වූ කරුණු දෙක. එහෙම තමයි ඡන්ද විශ්ලේෂකයෝ කියන්නේ.”
වර්ජිනියා ඡන්දදායකයින්ගෙන් ආසන්න වශයෙන් අඩක් පමණ ප්‍රකාශ කළේ ‘ආර්ථිකය’ ප්‍රධානතම ගැටලුව බවයි.
මෙම ඡන්දදායකයින්ගෙන් දහයෙන් හය දෙනෙක් පමණ ආණ්ඩුකාර තනතුර සඳහා ඩිමොක්රටික් අපේක්ෂිකා ඇබිගේල් ස්පැන්බර්ගර් තෝරා ගත් අතර, එය ඇයගේ තීරණාත්මක ජයග්‍රහණයට හේතුවක් වුණා.
නිව් යෝර්ක් නගරයේ ඡන්දදායකයින්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කියා සිටියේ ජීවන වියදම නගරයට මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව බවයි.
ඩිමොක්රටික් අපේක්ෂක සෝරාන් මම්දානි මෙම කණ්ඩායමෙන් තුනෙන් දෙකක පමණ ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වුණා.











