විදෙස්

ජකර්තා’ ලොව වැඩිම ජනගනයක් වෙසෙන නගරය බවට පත්වෙයි..

ලොව වැඩිම ජනගනයක් වෙසෙන නගරය බවට පත්ව සිටි ජපානයේ ටෝකියෝ අබිබවා, ඉන්දුනීසියාවේ ජකර්තා ලොව වැඩිම ජනගනයක් වෙසෙන නගරය බවට පත් වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ ජනගහන අංශය විසින් නිකුත්කළ නවතම වාර්තාවට මේ බව හෙළිවී තිබෙනවා.

ඒ අනුව ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තාහි මේ වනවිට මිලියන 42ක ජනතාවක් ජීවත්වන බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.

එහි දෙවන ස්ථානය බංග්ලාදේශයේ ඩකා අගනුවරට හිමිව ඇති අතර, එහි මිලියන 40කට ආසන්න ජනගහනයක් ජීවත් වනවා.

Shares: