කාළගුණය

සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය වැසෙයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වනවිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (26) ප.ව. 4 සිට වසාතැබීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබෙනවා.

සෝමාවතිය – සුංගාවිල මාර්ගයේ දිග්ගල ප්‍රදේශයේ කිලෝමීටර් 35-37 කනු අතර ප්‍රදේශය මේ වනවිට අඩි 02ක් පමණ ජලයෙන් යටව පවතිනු ඇති.

 

Shares: