මහනුවර – නුවරඑළිය ප්රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්රදේශයෙන් අද (26) පස්වරුවේ සිට තාවකාලිකව වසාදමා ඇති බව කොත්මලේ පොලීසිය පවසනවා.
ගැරඬිඇල්ල ප්රදේශයෙන් ප්රධාන මාර්ගයට ගල් පර්වත කිහිපයක් කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙලෙස වසාදමා තිබෙනවා.
මේ වනවිටත් ගල් කොටස් කිහිපයක් ගැලවී මාර්ගයට ඉහළින් රැඳී ඇති අතර, වාර්ෂාවත් සමග එම කොටස් මාර්ගයට වැටීමේ අවදානමක් පවතිනු ඇති.
ඒ අනුව නුවරඑළියට පිවිසෙන රථ වාහන ඒ සඳහා විකල්ප මාර්ග භාවිතාකරන ලෙස කොත්මලේ පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.











