අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු විදුලි බල පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුවල නිරතව සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු හෙට්ටිපොල ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
ඔහු විසින් ඊයේ (03) දහවල් කාලයේ දී බෝවත්ත-වීරපොකුණ ප්‍රදේශයේ බිඳවැටුම් යථාවත් කරමින් සිටිය දීයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
විදුලි සැර වැදුණු එම සේවකයා වීරපොකුණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශීය සේවා මධ්‍යස්ථානයේ සේවය කළ 41 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.











