ඉන්දියාවේ ගෝවා වෙරළබඩ කලාපයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාත්‍රී සමාජශාලාවේ මුළුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම ගින්න පැතිරී ඇති බවයි.
මියගිය පිරිසෙන් බහුතරයක් සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලය බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් සමාජ ශාලාවට පැමිණ සිටි සංචාරකයින් කිහිපදෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්.
සිදුවීමෙන් 50ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ගින්න හටගත් අවස්ථාවේ එහි විශාල පිරිසක් රැඳී සිට තිබෙනවා.











