දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබිම සංවිධානාත්මක අපාරාධ කල්ලි දෙකක් අතර, දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක කරනවා.
දෙහිවල – ‘ක්වාටර්ස්’ ක්‍රිඩාපිටිය අසළදී සිදුකළ වෙඩිතැබීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ අදාළ ඝාතනය සිදුකර ඇති අතර, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන සිදු කරනවා.











