පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති පුවතක් මතුගමින් වාර්තා වනවා.
ඊයේ (16) රාත්රී 11.40ට පමණ මතුගම, ඉහළ කොටස, වෝගන්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි 41ක් හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ඝාතනයකට ලක්ව ඇත්තේ.
ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු මතුගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.
මේ අතර ඝාතනය සිදුකළ බවට සැක 36 හැවිරිදි දොඩංගොඩ ප්රදේශයේ පදිංචිකරුගේ නිවසට අද උදෑසන වනවිට 50 දෙනෙකු පමණ පැමිණ ගිනි තබා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.











