දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු දෙමටගොඩ දී, කොළඹ නගරයේ සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එම පොලිස් කොස්තාපල්වරයා නිල ඇඳුමින් සිටිය දීම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟයි.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු ලක්ෂ 25ක් වන බවයි පොලිසිය පැවසුවේ.











