බංග්ලාදේශ තුළ යළි ගැටුම් හටගෙන තිබෙනවා.
ඒ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමේ මෙහෙයුම් වල නිරත වූ ප්‍රධාන තරුණ නායකයෙකු වන ශරීෆ් ඔස්මාන් නැමැත්තා ඝාතනයට ලක්වීමත් සමගයි.
මේ හේතුවෙන් ඩකා අගනුවර ගොඩනැගිලි කිහිපයකට ද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.











