දේශීය

කටුනායක – සීදුව අන්තර් හුවමාරුවට නව පිවිසුම් මංතීරු 04 ක්

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීමට කටුනායක – සීදුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ නව පිවිසුම් මංතීරු 04 ක් අද දින සිට විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අධිවේගී මාර්ග භාවිත කරන ජනතාවට කාර්යක්‍ෂම සේවාවක් ලබාදීම වෙනුවෙන්.

ඉලෙක්ට්‍රොනික ගාස්තු මංතීරුවක් (ETC Lane) සහ ටිකට්පත් මංතීරු 03 ක් වශයෙන් මෙම ප්‍රවේශ මංතීරු ක්‍රමවේදය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගෙන ඇත්තේ පැය 24 පුරා විවෘත කර දෛනිකව අධිවේගී මාර්ගයට ඇතුළුවන දහස් සංඛ්‍යාත රථවාහන සඳහා ප්‍රමාදයන් වළක්වාලීමේ අරමුණෙනුයි.

ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීම සඳහා වෙන්කර ඇති මංතීරුවේ සමහර රියදුරන් නොදැනුවත්භාවය හේතුවෙන් වාහන ධාවනය කිරීම නිසා යම් යම් අවස්ථාවල ප්‍රමාදයක් ඇතිවූ බැවින් එය වළක්වා ගැනීම සඳහා එම මංතීරුව නිල් පැහැති වර්ණයෙන් සලකුණු කර එම මාර්ග සීමාව තුළ පැයට කිලෝමීටර් 15 ක වේග සීමාවක් පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Shares: