උණුසුම් පුවත්

T56 ගිනිඅවියක් හා පතොරොම් තොගයක් රාගමින් සොයා ගැනේ

T 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක් රාගම පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ රාගම, පහළවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක තිබූ මෝටර් රථයක් රාගම පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දීයි එහි තිබී මෙම ගිනිඅවිය හා පතොරොම් සහිත ගැබ් දෙකක් සොයාගෙන ඇත්තේ.

මෙම අවිය හා පතොරොම් සමඟ මෝටර් රථය අදාළ ස්ථානයේ අතහැර දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Shares: