දේශීය

ජොන්ස්ටන්ගේ පුතා අධිකරණයට

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු වත්තල අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (30) දිනයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොසට අයත් ලොරි රථයක් ජොහාන් ප්‍රනාන්දු මහතා අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වන චෝදනාවකට අදාළවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාතමක වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී හා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සතොස යටතේ පැවති ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමේ කටයුතු සඳහා යොදවා ඇති බවට ලද පැමිණිල්ලක් අනුවයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබුණේ.

ඒ එම සිදුවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් රජයට අහිමිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

Shares: