දේශීය

6 පොතෙන් මතභේදයට තුඩු දුන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය ලබා දේ

‍මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් අඩංගු වී තිබු පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව ඊයේ (06) දිනයේ දී ඒ සදහා අනුමැතිය ලැබී ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළේ.

අදාළ මොඩියුලයේ පැනනැගී ඇති ගැටලුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමිය මේ බව කියා සිටියා.

Shares: