දේශීය

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත අද (07) උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින්.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පසුගිය දෙසැම්බර් 26 වන දින ගැසට් කර තිබුණා.

Shares: