චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ අද අලුයම දිවයිනට පැමිණියා.
එම අමාත්‍යවරයා ඇතුළු පිරිස දකුණු අප්‍රිකාවේ නිල සංචාරයකට එක්ව එහි සිට චීනය බලා පියාසර කරන අතරතුරයි අද අලුයම 01.05 ට පමණ දිවයිනට පැමිණ තිබුණේ.
ඒ චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින්.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව, ඕෂනියාව භාර අධ්යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සමග සුහද සාකච්ඡාවක නිරත වීමට නියමිත බවයි.
චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ඇතුළු පිරිස අද පෙරවරු 11ට පමණ යළි චීනය බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත වනවා.











