දේශීය

අලව්වේ වෙඩිල්ලෙන් , තරුණයෙකුට දිවි අහිමියි..

 

අලව්ව විල්ගමුව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, කවිඳු නිමේෂ නැමැති අවුරුදු 28 හැවිරිදි තරුණයෙක්.

ඔහු වීරේ මැටියගනේ නාරම්මල යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහල වෙත යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධවය අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Shares: