දේශීය

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ වාද්දුව වේරගම පොදු සුසාන භුමියේදී සවස 4ට යි.

නන්දන ගුණතිලක මහතාගේ දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබුණද එය භූමදානය කිරීමට තීරණය කළ බව ඒ මහතාගේ නැඟණිය වන මංගලා කරුණාතිලත මහත්මිය සඳහන් කළා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 18 වනදා අලුයම අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට නන්දන ගුණතිලක මහතා 63 වන වියේ පසුවුණා.

Shares: