දේශීය

BOI – 2026ට ඩොලර් බිලියන 1.5ක ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමේ සැලසුමක

2026 වසරේ අම‍ෙරිකානු ඩොලර් බිලියන 1.5 ක සෘජු විදෙස් ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.

සිනොපැක් තෙල් පිරිපහදුව, කුළුබඩු සහ පුවක් සැකසීම මෙන්ම දත්ත මධ්‍යස්ථාන මෙන්ම මාර්ගගත විශේෂිත ආර්ථික කලාප ද මේ වසරේ ආයෝජනවලට ඇතුළත් බවයි එහි සභාපති අර්ජුන හේරත් මහතා ප්‍රකාශ කළේ.

පසුගිය වසරේ මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය අම‍ෙරිකානු ඩොලර් මිලියන 1057ක්.

එහිදී සභාපතිවරයා සඳහන් කළේ සමාගම් 186ක් පසුගිය වසරේ මෙරට ආයෝජනයට ඉදිරිපත් ව ඇති බවයි.

එමෙන්ම පසුගිය වසරේ ආයෝජන ව්‍යාපෘති 146ක් ක්‍රියාත්මක කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඊට නව ව්‍යාපෘති 70ක් හා ව්‍යාපෘති පුළුල් කිරීම් 76 ක් ඇතුළත්.

ව්‍යෘපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය, ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ රේඛීය ආයතන හා නියාමන ආයතන සමග සමීපව කටයුතු කිරීම වැනි නව පියවර හේතුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් හා ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හැකිවී ඇති බව එහි සභාපති අර්ජුන හේරත් මහතා තවදුරටත් ප්‍රකාශ කළා.

Shares: