ක්‍රීඩා

ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ලංකාව පිටිබහින්නේ අද

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන තරගය අද (26) පැවැත්වෙනවා.

ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිවයි.

මෙම තරගය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පස්වරු 1.00ට නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී (Namibia Cricket Ground) ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකාව සුපිරි 6 වටයේ පළමු කාණ්ඩය (Group 1) යටතේ ක්‍රීඩා කරන අතර මෙම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය යන කණ්ඩායම් ඇතුළත්.

Shares: