වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද (26) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ OV- 437 දරණ ගුවන් යානයෙනුයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ.
ටාවි සමරවීර ජනවාරි මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා බහරේන්හි පැවැති තරගාවලිය ජයගනිමින් එහි රන් පදක්කම දිනාගැනීමට සමත් වූවා.
එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා නුවර ජනවාරි 19 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැති ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 11න් පහළ අංශයේ රන් පදක්ම ද දිනා ගනු ලැබුවේද ඔහු විසින්.
තවමත් 10 හැවිරිදි වියේ පසුවන ටාවි සමරවීර කොළඹ, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.
ටාවි සමරවීරගේ පුහුණුකරු ලෙස ඔහුගේ පියා වන හසිත සමරවීර කටයුතු කරයි.
එමෙන්ම ඔහු වයස අවුරුදු 11න් පහළ මේස පන්දු ක්‍රීඩක ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවීමත් විශේෂත්වයක්.











