දේශීය

ඇල්ලීමට තහනම් කටු පොකිරිස්සන් ගබඩා කර තිබූ තැනක් වටලයි – අයෙක් මාට්ටු

ඇල්ලීමට තහනම් කුඩා කටු පොකිරිස්සන් අල්ලා විදේශිකයින්ට වැඩි මුදලට අලෙවිකිරීම සඳහා ගබඩා කර තිබූ ස්ථානයක් බේරුවල, මරදාන ප්‍රදේශයේ ධීවර වරාය ආසන්නයේ තිබී සොයාගෙන තිබෙනවා.

ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයෙන් නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම ස්ථානය සොයාගෙන ඇත්තේ.

මෙහිදී ඇල්ලීමට තහනම් කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් සහ බිත්තර දමන කටු පොකිරිස්සන් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ මෙම කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් සහ බිත්තර දමන පොකිරිස්සන් මේ ආකාරයට ධීවරයින් විසින් අස්වනු වශයෙන් නෙළීමේදී, සාගරය තුළ විශාල ප්‍රමාණයෙන්ම පොකිරිස්සන් බෝවීම අඩුවන බවයි.

ඒ අනුව මෙම ජාවාරමේ නිරත වූ එම ප්‍රදේශයේම පදිංචි ධීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

Shares: