රට පුරා ක්‍රියාත්මක කළ “Nation United – National Drive” මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම යටතේ ඊයේ (22) දිනයේදී පුද්ගලයින් 958 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය විසින් වේදනය කර තිබෙනවා.
මෙම විශේෂ මෙහෙයුම යටතේ දිවයින පුරා ස්ථාන 968ක සිදුකළ වැටලීම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අතරින් 7 දෙනෙකුට රඳවා තබා ගැනීමේ නියෝග ලබාගෙන ඇති අතර, එක් සැකකරුවෙකුගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
තවද, තවත් 5 දෙනෙකු මත්ද්‍රව්‍ය පුරුද්දෙන් මිදීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය භාවිතය හා වෙළඳාම මුලිනුපුටා දැමීම අරමුණු කරගත් මෙම මෙහෙයුම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.











